මහරගම විදුලි උපකරණ සොරකමක්

මහරගම නගරයේ විදුලි උපකරණ අලෙවී කරන වෙළෙඳ සැලකින් රුපියල් ලක්ෂ 10 කට ආසන්න වටිනා  ප්‍රසිද්ධ වෙළද නාම සහිත විදුලි උපකරණ සොරාගත් එම වෙළඳසැලේ සේවකයෙකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි

සොරා ගත් දේපළඅතර වයරින් භාණ්ඩ ටිප් සිවිච්.,බ්‍රෝකර්,ප්ලග් පොයින්ට් ,ඇතුලු මිල අධික වයර් වර්ග රාශියක් වන බව පොලිසිය සඳහන් කරයි.

 වෙළඳසැලේ සේවකයා මහරගම ප්‍රදේශයේම පදිංචි කරුවෙකු වන අතර සෙසු සැකකරුවන් දෙදෙනා නාවින්න සහ රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් සොරාගෙන තිබූ සියලුම දේපල ඔවුන් පදිංචි නිවාසවල සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.