
ආණ්ඩුව ක්‍රියාත්මක කරන සියලු සංවර්ධන ව්‍යාපෘති දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මධ්‍යගත කරමින්, ඒ ඔස්සේ සියලු කටයුතු සම්බන්ධීකරණයට සැලසුම් කරමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ පැවති දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහනේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.