ඊයේ (18) රාත්‍රී ඇල්පිටිය පිටුවල මාර්ගයේ ගැමුණු හන්දියේදී ඇල්පිටිය දෙස සිට පිටුවල දෙසට ධාවනය වූ ලොරි රථයක් ගැමුණුමාවත සිට ප්‍රධාන මාර්ගයට ඇතුලු කළ පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පාපැදිකරු බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකරු අවුරුදු 54ක් වන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ලොරි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇල්පිටිය පොලිසිිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
