අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා මාලදිවයින රජයේ පරිත්‍යාගයක් ලෙස ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක ටූනා මාලදිවයින මහකොමසාරිස් මසූද් ඉමාද් මහතා අමාත්‍ය විජිත හේරත් මහතාට නිල වශයෙන් භාර දී තිබෙනවා.
මීට අමතරව මාලදිවයින මහජන සේවා මාධ්‍යය, (PSM) එරට පෞද්ගලික මාධ්‍ය ආයතන සමඟ එක්ව දියත් කළ “ශ්‍රී ලාංකිකයන් සමඟ මාලදිවයින ජාතිකයන්” (CeylonaaEkuDiveheen) ව්‍යාපාරය යටතේ රැස් කළ ඇමරිකානු ඩොලර් 2,447,011ක මුදලද මහ කොමසාරිවරයා ප්‍රදානය කළේය.
ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ “මෙය අප රටවල් දෙක අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය පිළිබිඹු කරන අතර ශ්‍රී ලංකාව සමඟ පවත්වන කැපී පෙනෙන සහයෝගීතාවයට මාලදිවයිනේ ජනතාවට ද අපි කෘතවේදය දක්වමු” යනුවෙනි.
