මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කෙරේ

ඊයේ රාත්‍රී ඉරානය කටාර් සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් අනතුරුව තාවකාලිකව වසා දැමූ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් මේ වන විට යළි විවෘත කර තිබෙනවා.

ඒ අනුව, කුවෙට්, බහාරේන්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය යන ගුවන් කලාප යළි විවෘත කර ඇති බවයි, කටාර් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරන්නේ.

ඊයේ එල්ල වූ ඉරාන ගුවන් ප්‍රහාරත් සමග කටාර් රාජ්‍යයේ සහ මැදපෙරදිග කලාපයේ ගුවන් අවකාශ රැසක් වසා දැමීමට ලක්වූ අතර, ගුවන් ගමන් ප්‍රමාද කිරීම සහ අවලංගු කිරීමට ද පියවර ගැනුණා.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග රටවල් දක්වා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානා 5 ක් ආරක්ෂිත ලෙස මස්කට්, ඩුබායි, රියාද් යන ගුවන්තොටුපොළවල් වෙත හරවා යැ‍වීමට පියවර ගත් බව, සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර සිටියා.