
මැලේසියාවේ පැවැත්වෙන 58 වන ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වී සිටින, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, මැලේසියානු අගමැති දාතෝ සේරි අන්වර් බින් ඉබ්‍රාහිම් මහතා හමුව තිබේ.
එරට අගමැති කාර්යාලයේ දී ඊයේ(10) මෙම හමුව සිදුව ඇත.
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර දිගුකාලීන පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව එහදී ඵලදායී සාකච්ඡාවක නිරත වී ඇතැයි සදහන් වේ.
විශේෂයෙන් මැලේසියාවේ විවිධ අංශ ඔස්සේ ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා වැඩි කිරීමට සලකා බලන ලෙස අගමැතිවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටීමට ද ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා මෙය අවස්ථාවක් කර ගෙන තිබුණි.
ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රත්වය වඩාත් ශක්තිමත්ව තහුවරු කිරීමට ද අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් මහතා බලාපොරොත්තු වන බව මෙහි දී පෙන්වා දුන්නේ ය.
ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකා රජය ගනු ලබන සෑම ධනාත්මක පියවරයක් සඳහාම සිය ආශිර්වාදය හිමි වන බවත් ඔහු අවධාරණය කළේ ය.