මෑත ඉතිහාසයේ වැඩිම ජල ප්රමාණයක් බෝතැන්න ජලාශයෙන් අබන් ගඟට අද (27) දින උදෑසන සිට මුදා හැර තිබෙනවා.
අබන් ගඟ දෙපස ජනතාවට ඉදිරි පැය 24 තුළ වඩාත් සැළකිලිමත්ව සිටින ලෙස බෝවතැන්න ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බෝවතැන්න ජලාශයට අමතරව ඉබ්බන්කටුව ජලාශය කලා වැවේ විශාල වශයෙන් ජලය පිටාර දැමීම පටන්ගෙන තිබීම නිසා කලා ඔය දෙපස මෙන්ම දඹුලු ඔය දෙපස ජනතාවද ඉදිරියේදී දැඩි අවදානමෙන් සිටින ලෙස ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
බෝවතැන්න ජලාශයට මේ වන විට තප්පරයට ගණ අඩි 45000කට අධික ජලයක් ලැබෙමින් පැවතීමත් සමඟ බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයක් අඩි හත බැගින් විවෘත කිරීමට සිදුවූ බවත් ඒ අනුව තප්පරයට ගණ අඩි 45000කට අධික ජල කඳක් අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට මුදා හැරීමට සිදුවී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
