වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025.06.24 වන දින මිද්දෙනිය පොලිස් වසමේ සමූහ ගොවිපල තේක්කවත්ත පාර ප්‍රදේශයේදී වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව ඊයේ (08) විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 25 වයසේ පසුවන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පහත ආයුධ හා දේපල සොයාගෙන ඇත.
- ඉහත වෙඩි තැබීමට යොදාගත් උෂි වර්ගයේ ගිනි අවිය
- මි.මි 09 වර්ගයේ පිස්තෝල අවියක්
- මි.මි. 09 වර්ගයේ ජීව පතොරොම 53 ක්
- විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතොරොම් 25 ක්
- අංක 45 ලෙස සටහන් ජීව පතොරොම් 04 ක්
- ටී 56 වර්ගයේ ජීව පතොරොම් 19 ක්
- ටී 56 වර්ගයේ හිස් පතොරොම් ගැබි 02 ක්,
- අත්විලංගු යුවලක්
- හෙරොයින් ග්‍රෑම් 300 මිලිග්‍රෑම් 120 ක්
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
