”අයිස්” මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සහ මිද්දෙණිය පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනයකදී.
ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී “අයිස්” මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ආනයනය කරන ලද මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබුවේ, මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක් තුළ සඟවා තිබූ බවට ලැබුණු තොරතුරකට අනුවයි.
තවද එම ඉඩමේ තිබී ජීව අත්බෝම්බ 5 ක්, ටී-56 වර්ගයේ ජීව පතරොම් 17 ක්, බෝර 12 වර්ගයේ ගිනි අවි 2 ක් සහ හිස් පතරොම් කොපුවක් හමු වී තිබෙනවා.
ඒ, එම ඉඩමේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි මිද්දේණිය පොලිස් ස්ථානයේ සහ තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
තංගල්ල, නෙටොල්පිටිය, වැලිආර – දමනියගහගොඩැල්ල මාර්ගයේ පාළු ඉඩමක දමා ගොස් තිබූ සැක සහිත ද්‍රව්‍ය තොගයක් තංගල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙම ද්‍රව්‍ය තොගය හමු වූ ස්ථානයට මේ වනවිට පොලිස් ආරක්‍ෂාව යොදවා ඇති අතර පොලිසිය සඳහන් කළේ, මෙම රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය, තලාව ප්‍රදේශයේදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගනු ලබන රසායනික ද්‍රව්‍යවලට සමාන බවයි.
