මියන්මාරයට නව ජනාධිපතිවරයෙක්

මියන්මාරයේ නව ජනාධිපති ලෙස මින් අවුන් හ්ලියැං පත්ව තිබෙනවා.

ඒ එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් ජයග්‍රහණය කරමින්.

අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ, යුද්ධයෙන් සහ දේශපාලන අස්ථාවරත්වයෙන් පීඩාවට පත්ව ඇති මියන්මාරය තුළ සිය බලය නිල වශයෙන් තහවුරු කර ගැනීමට 69 හැවිරිදි හ්ලියැං මෙලෙස සමත්ව ඇති බවයි.

2021 වසරේදී නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුකීගේ පාලනයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් මෙහෙයවූයේ ද මෙම ජෙනරාල්වරයා විසින්.

ඇයව අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් අනතුරුව මියන්මාරය පුරා හටගත් දැවැන්ත මහජන විරෝධතා පසුව හමුදා පාලනයට එරෙහි රටපුරා ව්‍යාප්ත වූ සන්නද්ධ අරගලයක් දක්වා වර්ධනය වුණා.