මීටියාගොඩ වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීටියාගොඩ, මලවැන්න පාර ප්‍රදේශයේදී පසුගිය (01) වැනිදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ (02) දින සවස් කාලයේ තලවකැලේ පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බලකා තලවකැලේ කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ආගරපතන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන ළිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම වෙඩි තැබීම සිදුකර යතුරුපැදියෙන් පලා යමින් සිටි සැකකරුවෙකු වෙඩි තැබීමට යොදාගත් බවට සැකකරන ටී-56 ගිනි අවිය හා යතුරුපැදිය සමඟ තෙල්වත්ත ප්‍රදේශයේදී එදිනම අත්අඩංගුවට ගෙන තිබූ අතර මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.