මුදල් ගණුදෙනුවක් මරණයකින් කෙළවර වෙයි

මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී ඊයේ (25) දින දහවල් කාලයේදී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බවට මීගමුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් මිගමුව පොලිසිය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 44ක් වූඩෙල්මාර්වත්ත, හල්ග්‍රන්ඔයප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කර ඇති අතර එහිදී හඳුනාගත් පුද්ගලයෙකු සමඟ සිදු කර ඇති මුදල් ගණුදෙනුවක් සම්බන්ධව ආරවුලක් ඇති වී ඇති අතර එහිදී එම පුද්ගලයා විසින් වෙළඳසැල තුලදී පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.