මාතලේ ලග්ගල මොරගහකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානය අසල අඩි 20 ක පමණ ප්‍රපාතයක තිබී උරයක දමා තිබූ ජීව උණ්ඩ 448ක් අද (12) දින සොයා ගත් බව නාවුල පොලිසිය පවසනවා.
මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම අඩුව ඇති අතර ජලාශයේ ධීවර කර්මාන්තයේ නියැලුණු පුද්ගලයෙකු විසින් එම ජීව උණ්ඩ සහිත උරය දැක නාවුල පොලිසිය වෙත දන්වා තිබෙනවා.
එම පණිවිඩයට අනුව ක්‍රියාත්මක වූ නාවුල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම විසින් අදාල ජීව උණ්ඩ සහිත උරය පොලිස් භාරයට ගෙන ඇත.
එහි තිබී 7.62 × 39mm ප්‍රමාණයේ ජීව උණ්ඩ 320ක්, 71mm ප්‍රමාණයේ ජීව උණ්ඩ 116ක්, 41mm ප්‍රමාණයේ ජීව උණ්ඩ 10ක් සහ 78mm ප්‍රමාණයේ ජීව උණ්ඩ 02ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙතෙක් සිදුකල විමර්ශනයේදී අදාළ පතුරොම් කවුරුන් විසින් කුමණ දිනයක ගෙනවිත් දැමුවේද යන්න පිළිබඳව අනාවරණය වී නැහැ.
ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.
