යුක්‍රේනයට එල්ල වූ තවත් දැවැන්ත රුසියානු ගුවන් ප්‍රහාරයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රහාරයෙන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
යුක්‍රේන ජනාධිපති වොලොදීමීර් සෙලෙන්ස්කි රුසියාව වෙත යළි චෝදනා කර සිටියේ තම සිවිල් වැසියන් බිය ගැන්වීමට මෙන්ම රට පුරා යටිතල පහසුකම් පද්ධතිය ඉලක්ක කර රුසියානු හමුදාව හිතාමතා ප්‍රහාර සිදු කරන බවටයි.
නවතම රුසියානු ගුවන් ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල 600කට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන තිබු බව යුක්‍රේන හමුදාව පෙන්වා දෙනවා.
කෙසේ වුවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, යුක්‍රේන හමුදාවට අයත් කාර්මික පහසුකම් පද්ධති ඉලක්ක කර තම හමුදාව මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි.
