රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සතියක කාලයක් යුක්‍රේනයේ අගනුවර වන කියෙව් සහ අනෙකුත් නගර වෙත පහර නොදීමට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, “අසාමාන්‍ය ශීත” කාලගුණය හේතුවෙන් ජනාධිපති පුටින් මෙම තීරණයට එකඟ වී ඇති බවයි.
කෙසේ වුවද එවැනි ගිවිසුමකට එළඔ ඇති බව රුසියාව ප්‍රකාශ කර නැහැ.
යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ජනාධිපති ට්‍රම්ප්ගේ නිවේදනය පිළිගත් අතර රුසියාව තම පොරොන්දුව ඉටු කරනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව කියා සිටියා.
ප්‍රහාර එල්ල කිරීමේ විරාමය ආරම්භ වන්නේ කිනම් දිනයක දැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිශ්චිතව සඳහන් කර නැහැ.
යුක්‍රේන අගනුවර උෂ්ණත්වය ඊයේ රාත්‍රියේ සිට පහත වැටී තිබෙනවා.
ඉදිරි දින කිහිපය තුළ යුක්‍රේන අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 24 ක් දක්වා ළඟා වනු ඇතැයි කාලගුණ අංශ පවසනවා.
වොෂින්ටන් අගනුවර පැවති රූපවාහිනී කැබිනට් රැස්වීමකදී අදහස් පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඔහු පෞද්ගලිකව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් කියෙව් සහ තවත් නගර වෙත සතියක කාලයක් ප්‍රහාර එල්ල නොකරන ලෙස ඉල්ලා සිටි බවයි ජනාධිපති පුටින් ඊට එකඟ වූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
