
තැපැල් සේවාව ජනතාවට සමීප, පහසු, කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම උදෙසා සියලු පහසුකම් ලබාදෙන බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සහතිකයක්.
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල තැබීම ඊයේ (04) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරීමට යෝජිත මෙම නවීන ගොඩනැගිල්ල සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 14.70 කි.
තැපැල් සේවාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙලේ දී මේ වසරේ නව තැපැල් කාර්යාල කිහිපයක් ඉදිකිරීමටත් එහි පළමු පියවර ලෙස ගලේවල නවීන පහසුකම් සහිත තැපැල් කාර්යාලය ඉදිකිරීමට මුල්ගල තබමින් එම වැඩපිළිවෙල ආරම්භ කළ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.
මාර්තු මස සම්මත කළ අයවැයෙන් නව තැපැල් කාර්යාල ඉදි කිරීමට සහ තැපැල් කාර්යාල නවීකරණය කිරීමට රුපියල් මිලියන 1100 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බව ද මෑත කාලයේ එවැනි මුදලක් වෙන් කළ පළමු අවස්ථාව බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසී ය.
තැපෑල තවත් ජනතාවට සමීප කිරීමට නම් තවත් පහසුකම් රැසක් මෙම සේවාවට ලබා දිය යුතු බවත් තැපැල් සේවාවට මහත් අඩුපාඩුවක්ව පවතින වාහන පහසුකම් ලබාදීමට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද පැවසූ අමාත්‍යවරයා තැපැල් මලු සහ පාර්සල් ප්‍රවාහන කටයුතු සඳහා ලොරි රථ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් වෙන් කරමින් මිල දී ගැනීම් කටයුතු ආරමිභ කර ඇති බවත්, පසුගිය සතියේ ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කැබි රථ 20 ක් ලබාදීමට ප්‍රසම්පාදන කටයුතු ආරමිභ කරමින් සිටින බව ද පැවසී ය.
ඊට අමතරව තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල සඳහා ටැබි පරිගණක 1500 ක්, පරිගණක 60 ක් මෙන්ම නිලධාරීන් සහ සේවකයින් බඳවා ගැනීමේ වැඩපිළිවෙල ද ක්‍රියාවට නංවමින් තැපැල් සේවාවට සෑම අංශයකින්ම පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද පැවසී ය.
වත්මන් රජය මෙම වර්ෂයේ තැපැල් දෙපාර්තුමේන්තුවේ නව ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 600 ක මුදලක් වෙන්කර ඇති බව ද පැවසී ය.
මෙම සියලු කටයුතු වලින් බලාපොරොත්තු වන්නේ තැපැල් සේවාව ශක්තිමත් කර ජනතාවට වේගවත්ව, පහසුවෙන් සහ විශ්වාසවන්තව සේවා ලබාදීම බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.
ගලේවල තැපැල් කාර්යාල පැරණි ගොඩනැගිල්ල 1970 වර්ෂයේ ස්ථාපනය කර ඇති අතර, එම ගොඩනැගිල්ල තුළ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම, මෙන්ම පවතින ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් ගල්වෙල ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදි.
මෙම නව තැපැල් කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසු ගලේවෙල ප්‍රදේශයේ 6000 කට අධික ජනතාවට විධිමත්, කාර්යක්ෂම තැපැල් සේවාවක් ලබා ගැනීමට හැකිවනු ඇත.
මෙම අවස්ථාවට ගලේවල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික කරුණාරත්න මහතා, නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම) එම්.එච්.එම් අස්ලමි හසන්, තැපැල් මුලස්ථානයේ නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව, මාතලේ ප්‍රාදේශීය තැපැල් අධිකාරී නාමල් විජේරත්න යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.