දකුණු යුරෝපා කලාපයේ රටවල් රැසක උෂ්ණත්වය මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
ඒ අනුව ඇතැම් රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ තත්වය හමුවේ කලාපයේ රටවල් රැසක තාප අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරින් විසින් පියවර ගෙන තිබෙනවා.
ඉතාලිය, ග්‍රීසිය, ප්‍රංශය, ස්පාඤ්ඤය හා පෘතුගාලය යන රටවල් උෂ්ණත්වයේ වැඩිම බලපෑමට ලක්වු රටවල් බවයි වාර්තා වන්නේ.
මේ අතර, ස්පාඤ්ඤයේ සෙවිල් නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 42 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ තත්වය හමුවේ රටවල් රැසක සෞඛ්‍ය අංශ විසින් ළමුන්, වයස්ගත පුද්ගලයින් හා නිධන්ගත රෝගී පුද්ගලයින් පිළිබඳ විශේෂ අවදානයක් යොමුකර තිබෙනවා.
සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ හැකි සෑමවිටම නිවෙස් තුළ රැදී සිටින ලෙසයි.
අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතැම් රටවල ඇතැම් පාසල් වසා දැමිමටද රජය විසින් පියවර ගෙන තිබෙනවා.
මේ අතර, ඇතැම් රටවල ලැව් ගිනි ඇතිවිමේ අවදානමක්ද හටගෙන තිබෙනවා.
ඇතෑන්ස් නගරයේ වෙරළබඩ කලාපය තුළ මේ වනවිටත් ලැව්ගිනි තත්වයක් හටගෙන ඇති අතර, ඒ අවට නිවෙස් රැසක ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමටද රජය විසින් පියවර ගෙන තිබෙනවා.
සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ හැකි සෑම විටම ජලය පානය කරන ලෙසත්, නිවෙස් ආශ්‍රිතව රැදී සිටින ලෙසයි.
