
විදේශ රටවලින් ගෙන්වන ලොකු ලුණු සඳහා කිලෝවකට රුපියල් හතළිහක බදු මුදලක් රජය පැනවුවද දේශීය ලොකු ලුණු ගැනුම් මිලෙහි කිසිදු වෙනසක් නොමැතිව කිලෝවක් රුපියල් පනහේ සිටියේ එකසිය විස්ස දක්වා වූ මිලයක් පැවසුවද එම මිලකට හෝ අලෙවිනොවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි දේශීය ලොකුණුු ගොවීහු පවසති
දේශීය ලොකු ලූණු වගා කරන ලෙස ගොවීන්ගෙන් ගෙන් ගෙට ගොස් දැනුවත් කරන්නට යෙදුණු කෘෂිකර්මම නිලධාරීන් සඳහන් කර සිටින්නේ වගා කිරීමට උපදෙස් දුන්නද මිලක් ලබා දීමට තමන්ට නොහැකි බවය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරන භාරය කියා කියා සිටින්නේ මිල තීරණය කිරීම සිදුවන්නේ ඉල්ලුම හා සැපයුම අනුව බවය
කෙසේ වෙතත් වීදේශීය රටවලින් ගෙන්වන ලද ලොකු ලුණු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ ඉන් පිටත ඇති ගබඩාවල පුරවා තිබේ , කිලෝවක් රුපියල් 110 සිට 120 දක්වා වූ තොග මිල යටතේ අලවිකිරීම සිදු කරති
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත මේ දිනවල දේශීය ලොකුළුණු අලෙවි කිරීම සඳහා ගොවීන් රැගෙන ආවද දින ගණනාවක් ගත වුවත් ඒවා අලෙවි නොවන බවද ඔවුහු පෙන්වා දෙති්
මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය ලොකු ලූණු කිලෝවක් සඳහා රුපියල් 50 සිට 120 දක්වා වූ මිල පරාසයන් යටතේ සීමිත ප්‍රමාණයක් අලෙවි කරන බවත් එය අලවි කර ගැනීම සඳහාද දින ගණනාවක් වෙළඳපළේ රැඳී සිටීමට සිදුව ඇතැයි දේශීය ලොකු ලුණු රැගෙන ආ ගොවී හෝ පවසති
මෙවර දේශීය ලොකු ලූණු හෙට්ටයාර්ලි 2600 අධික ප්‍රමාණයක් අනුරාධපුර පොළොන්නරුව හා මාතලේ යන දිස්ත්‍රික්්ක්ක තුනෙහි ගොවීහු වගාකොට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත වල සඳහන්ව තිබේ
ඉන් වැඩිම දේශීය ලොකු ලුණු වගාව සිදුව කරනු ලබන්නේ සීගිරිය ගොවි ජන සේවා බල ප්‍රදේශයේ වීම විශේෂත්වයකි. එම ප්‍රදේශයේ ගොවීන් දේශීය ලොකු ලුණු අස්වැන්න නෙළීම මේ දිනවල බහුල වශයෙන් ක්‍රියාත්මක වෙයි . තම අස්වැන්නට සාධාරණ මිලක් නොමැතිවීම නිසා එම ගොවීන් ද දැඩි අසීරුතාවයකට පත් වෙමින් සිටිති
වෙනත් කන්නයන් වලදීම තමන්ට මිලක් ලබාගැනීම සහ විවිධ කටයුතු සඳහා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සමඟ එක්ව රජයන්වලට බලපෑම් කරමින් යම් සාධාරණයක් ඉටු කර ගත් බවත් මේ වන විට කිසිදු අයෙකුගේ උදව්වක් සහයෝගයක් නොමැති බව ගොවීන් පෙන්වා දෙන අතරේ 04 දින දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු ප්‍රාදේශීය සභාව සහ මහනගර සභාව විපක්‍ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එම ගොවීන් හමුවීමට ගොස් තිබිණි

දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේ සීගිරියේ දේශීය ලොකු ලූණු බිමේ පසුගිය කාලයේ විශාල වශයෙන්ම නාමල් කරුණාරත්න වර්තමාන නියෝජ්‍ය අමාත්‍යවරයා සටන්බිමක සිටි බවය. එහෙත් මේ දිනවල ඔවුන්ට නායකත්වයක් හෝ නැති බවය කෙසේ වෙතත් තම රජයන්වලින් දේශීය ලොකුණු ලුණු වගාව ප්‍රවර්ධනය කරමින් ඔවුන්ට සාධාරණය ඉටු කර දිපු නිසාම මේ දිනවල සිදුවන අසාධාරණය නිසා තමන් ගොවීන්ගේ ප්‍රශ්නයට මැදිහත් වූ බවය
දේශීය ලොකු ලුණු අස්වනු නෙළීම ආරම්භ කළායින් පසුව විදේශීය රටවලින් මෙරට ලුණු පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල ප්‍රමාණයක් ගෙන්වා ගබඩා කිරීමෙන් අනතුරුව රජය ඉතා සූක්ෂම ලෙස කිලෝවකට රුපියල් හතළිහකින් බද්දක් පැන වූ බවයි . ඒ අනුව දේශීය ගොවීන් වෙනුවෙන් යැයි පවසා පනවන ලද බදු මුදල් වලින් වසන්තය උදා වූයේ කාටදැයි තමන් ප්‍රශ්න කරන බව හෙතෙම සඳහන් කළේය
සිගිරිය ප්‍රදේශයේ ගොවීන් ගොවීන් සියලු දෙනා සඳහන් කළේ අඩුම තරමේ තමන්ට කිලෝවක් සඳහා රුපියල් එකසිය පනහක හෝ දෙසීයක මුදලක් අවශ්‍ය බවය
නිෂ්පාදන පිරිවැය විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් ලොකු ලුණු වගාවෙන් ගොවීන් ඈත්වීම මෙමගින් සිදුවන බව ඔවුන් පෙන්වා දෙති. මෙම අවස්ථාවේ දී ගොවීන් සඳහන් කළේ ගිය කාලයේ මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් රාජ්‍ය නිලධාරීන් එක්ව දේශීය ලුණු ගොවියා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් යාන වාහන යොදාගෙන ගෙන් ගෙට ගොස් දේශීය ලොකු ලුණු වගා කරන ලෙස තමන්ට ආරාධනා කළ බවය . කෙසේ වෙතත් එම ආරාධනා කිරීම උඩ බොහෝ ගොවීන් නැවත වගාවට යොමු වූ බවත් පැවසූහ
ඒ අනුව ගොවීන් පිරිසක් දඹුල්ල සහකාර කෘෂිකර්ම ම අධ්‍යක්ෂ ගීතානි මැණිකේ මහත්මියට දුරකථනයෙන් කතා කොට තමන් ඇතුළු කණ්ඩායම වගාවට ආරාධනා කළ බවත් ගොවීන් මේ වන විට එම ආරාධනාව පිළිගෙන විශාල මුදලක් වියදම් කරමින් දේශීය ලොකුණු වුණු වගාකොට අස්වැන්න නෙලමින් සිටින බවත් පෙන්වා දුන් ඔවුන් මිලදී ගැනීමක් සිදු කරන්නේ නැද්දැයි සාධාරණ මිලක් ලබා දෙන්නේ නැති නැද්දැයි විමසන්නට වූහ
පෙරලා පිළිතුරු දුන් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ගීතානි මැණිකේ මහත්මිය කියා සිටියේ තම රාජකාරිය වන්නේ තාක්ෂණික උපදෙස් ලබා දී වගා ප්‍රවර්ධනය පමණක් බවය
මිල තින්දු කිරීම මිලක් ලබාදීම රජයේ වගකීමක් බවත් ඇය පැවසුවා . කෙසේ වෙතත් ගොවීන් සමග උණුසුම් ආකාරයෙන්ම දුරකථනයෙන් වචන හුවමාරු වෙද්දි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය කියා සිටියේ මිලක් ලබා ගැනීම සඳහා නම් දේශීය ලොකු ලුණු ගොවීන් ජාතික ජන බලවේගයේ ගලේවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම වර්තමානයේ වෙළෙඳ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ගලේවෙල සුනිල් රණවීර මහතා හමුවීමෙන් එය සිදුකරගන්නා ලෙසය
ඊට දැඩි ලෙස උරන වූ ඔවුන් මතු කිසිදු ආකාරයෙන් තමන් ගොවිබිම්වලට පැමිණ උපදෙස් ලබා දීම සිදු නොකරන්නැයි සඳහන් කරන්නට වූහ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනා කරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතාගෙන් අප විමසා සිටියේ දේශීය ලොකු ලුණු ගොවියාට ආර්ථික මධ්‍යස්ථානය තුළ සාධාරණ මිලක් ලබාදීමට නොහැකි ද යන්නය
ඊට පිළිතුරු දුන් කළමනාකාරවරයා සඳහන් කළේ ආර්ථික මධ්‍යස්ථානය තුළ ඉල්ලුම සැපයුම මත මිල තීරණය වන බවය. විදේශීය ලොකු ලුණු විශාල වශයෙන්ම ගබඩා කර තිබීම නිසා දේශීය නිෂ්පාදන වලට මිලක් ලබා ගැනීම අසීරු බව හෙතෙම පැවසීය.
