රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට යේමනයේ හූති කැරලිකරුවන් එල්ල කරන ලද ප්‍රහාරයකින් නෞකාව ගිලී යෑමකට ලක්ව තිබෙනවා.
යුරෝපීය නාවික මෙහෙයුම් අංශ පවසන්නේ, එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු බේරාගත් අතර, තවත් තිදෙනෙකු මියගොස් ඇති බවයි.
යේමනයේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ, ලිබියානු ධජය සහිත ග්‍රීක පාලනය යටතේ පැවති එටර්නිට් සී නෞකාවයි.
ප්‍රහාරය වන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය 25 දෙනෙකු සිටි බවයි, වාර්තා වන්නේ.
ප්‍රහාරයට ලක්වීමත් සමග නෞකාවට සැළකිය යුතු හානියක් සිදුව ඇති අතර, සියලු සබඳතා අඩාල වු බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ඒජන්සිය පවසනවා.
බලධාරීන් පවසන්නේ, ප්‍රහාරයත් සමග ඉකුත් රාත්‍රිය පුරා ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණු බවයි, නෞකාව ඊශ්‍රායලය දෙසට ගමන් කරමින් තිබූ නිසා ඊට පහරදුන් බව, ඉරානයේ සහය ලබන හූති කැරලිකරුවන් කියා සිටිනවා.
යේමනයේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ හූති කැරලිකරුවන් අනතුරට පත් නෞකාවේ දිවි ගලවාගත් බොහෝ කාර්ය මණ්ඩල සාමාජිකයින් පැහැරගෙන ගොස් ඇති බවයි. ඔවුන් වහාම නිදහස් කරන ලෙසට ඉල්ලීම් කර තිබෙනවා.
