
රනිල් සජිත් ප්‍රේමදාසලා විනාශ කරපු රටක ආර්ථිකය අපේ රජය යටතේ ගොඩනගන බවත් ඒ ගොඩනැගූ ආර්ථිකය තුල මීට වඩා සහන මේ රටේ ජනතාවට ලබා දෙන බව සෞක්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි
සෞක්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ අදහස් පලකර සිටියේ පොළොන්නරුව සෝමාවතිය රජ මහා විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ට සෞක්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් එම විහාරස්ථානය තුල සෞක්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිලිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ එක්වෙමිනි.
පොළොන්නරුව මහ රෝහලේ සිට කිලෝමීටර් 37ක් වැනි දුර ප්‍රමාණයකින් සෝමාවතිය පුදබිම පිහිටා තිබීම හේතුවෙන් එම පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන ජනතාවට සෞක්‍ය පහසුකම් ලබාදීමේදී සෞක්‍ය කාර්යය මණ්ඩලය පත්වන අපහසුතා පිලිබදව සෝමාවතිය රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් සෞක්‍ය අමාත්‍යවරයාගෙන් සිදුකරනු ලැබූ විශේෂ ඉල්ලීමකට අනුව සෞක්‍ය අමාත්‍යවරයා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවී සිටියේය.
මෙම අවස්ථාව සදහා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නනසිරි හා පත්මසිරි බංඩාර මහතා සෝමාවතිය රජ මහා විහාරස්ථානයේ විහාරිධිකාරී හිමියන් පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් සුජන්ත ඒකනායක ඇතුළු පොළොන්නරුව මහ රෝහලේ සෞක්‍ය බළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞක්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේද පවසා සිටියේය.
මේ රටේ තවමත් තියෙන්නෙ අපේ ආන්ඩුව භාර ගන්නකොට තිබුනු බඩු මිළට වඩා අඩු බඩු මිළක් .ඒ නිසා අපි භාරගත්‍තෙ මේ රට මීට කලින් පාලනය කල පාලකයො විනාශ කරපු රටක්.ඒ විනාශ කරපු රට අපි දැන් ගොඩනගමින් යනවා.ඒ තුල මේ රටේ ජනතාවට ජීව්ත් වෙන්න පුලුවන් රටක් වගේම හොද ආර්ථිකයක් අපි හදනවා.
විපක්ෂයේ අය කලබල උනාට අපි කලබල වෙන්නෙ නෑ මේ ඇමෙරිකාව පනවපු බදු සම්බන්ධයෙන් මේ තුල අපේ රටේ නිෂ්පාදනය කඩා වැටෙන්න අපි ඉඩ තියෙන්නෙ නෑ.අපි තවදුරටත් ඇමෙරිකානු රජය සමග සාකච්චා කරලා ඒ බදු ප්‍රතිශතය
අඩු කිරීමට කටයුතු කරනවා.
මෙහිදී රෝහල් වල සෞඛ්‍ය කටයුතු සදහා බාහිරින් සෞඛ්‍ය උපකරණ කට්ටල මිළදී ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ ලබා දීම පිලිබදවද මෙහිදී අමාත්‍යවරයා මෙහිදී අදහස් පල කර සිටියහ.