පිලිපීනයට බලපෑ හැකි “රාගසා” සුළි කුණාටුව හේතුවෙන් දහස් ගණන් ජනතාව ආරක්‍ෂිතව ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
පැයට කිලෝ මීටර 230 ක වේගයෙන් හමා එන සුළි කුණාටු තත්වය අද සවස් කාලය තුළ ගොඩබිමට ළඟාවනු ඇති බවයි එරට කාලගුණ විද්‍යා අංශ අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබෙන්නේ.
උතුරු “කෑගයාන්” පළාතේ දූපත් ප්‍රදේශ හරහා සුළි කුණාටුව ගොඩබිම් ප්‍රදේශ කරා පැමිණිය හැකි බවත් එය පසුව දකුණු චීන මුහුදු කලාපයට ගමන් කරනු ඇති බවටත් කාලගුණ විද්‍යා අංශ නිවේදනය කර තිබෙනවා.
සුළි කුණාටුවත් සමග වෙරළබඩ තීරයේ මීටර 3කට වඩා උසකින් යුත් මුහුදු රළෙහි බලපෑමක් ඇතිවිය හැකි අතර වෙරළ තීරයෙන් ආරක්‍ෂිතව ඉවත් වන ලෙසයි අනතුරු ඇඟවීම් නිකුත් කොට ඇත්තේ.
සුළි කුණාටුවත් සමග ගංවතුර සහ නායයාම් හේතුවෙන් නිවාස සහ යටිතල පහසුකම් රැසකට හානි සිදුවිය හැකි බවට නිවේදනය කොට තිබෙනවා.
මැනිලා අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක පාසල් සහ රජයේ කාර්යාල වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
