අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ මෙම ඉල්ලීම කරනු ලැබුවා.
රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසමට පැමිණ විමර්ශනවලට සහාය දැක්වීම මගහරිමින් සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි එම කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එහෙත් එවැනි නියෝගයක් නිකුත් කිරීම සඳහා එම විමර්ශනයට අදාළ වාර්තා අධිකරණයට අවශ්‍ය බවත් එවැනි වාර්තා පරීක්ෂා කිරීමකින් තොරව එවැනි නියෝගයක නිකුත් කිරීමට නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නා.
කිසි වෙතත් මහේස්ත්‍රත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දුන්නේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා එම කොමිසමට නීතිමය බාධාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් මෙම ඉල්ලීම ලේඛන සහිතව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළා.
