ලිංගික අප­රාධ කරන හැමෝම මාන­සික රෝගීන් නොවෙයි

-විශේ­ෂඥ වෝහා­රික (අධි­ක­රණ) මනෝ වෛද්‍ය චිත්ත­හාරි අභ­ය­නා­යක

ලිංගික හිංසන හේතු­වෙන් පුද්ග­ල­යකු ජීවි­තය පුරාම වුවත් මාන­සික වශ­යෙන් පීඩා­වට පත් වන්නට පුළු­වන. එසේම, ලිංගික අප­රා­ධ­යක් කිරී­මට පුද්ග­ල­යකු පෙල­ඹී­මට විවිධ හේතු තිබෙන බවත් ඒවා සමා­ජ­යක් ලෙස අපි දැන හඳුනා ගැනීම වැද­ගත් බවත් විශේ­ෂඥ වෝහා­රික (අධි­ක­රණ) මනෝ වෛද්‍ය චිත්ත­හාරි අභ­ය­නා­යක පව­ස­න්නීය. දැන් අපි ඇය සමඟ වැඩි­දු­ර­ටත් කතා­බහ කරමු.

ලිංගික අප­රාධ ලෙස ගැනෙන්නේ මොන­වාද?

කිසි­යම් රටක අප­රාධ නීති­යෙන් තහ­නම් කර ඇති ලිංගික ස්වභා­ව­යක් ඇති ක්‍රියා­වක්. මෙය අප­රා­ධ­යක් ලෙස සැල­කෙන්නේ බොහෝ­විට එය කෙන­කුගේ කැමැ­ත්තෙන් තොරව සිදු වීම හෝ, කැමැත්ත ප්‍රකාශ කිරී­මට නොහැකි පුද්ග­ල­ය­කුට එය සිදු වීම හේතු කර­ගෙ­නයි. එවැනි ක්‍රියා­වන් අනෙ­කුත් පුද්ග­ල­යින්ට ශාරී­රික, මාන­සික හෝ සාමා­ජීය හානි­යක් සිදු කිරීමේ හැකි­යා­වක් පව­ති­නවා.

මෙවැනි අප­රා­ධ­වල විවි­ධ­ත්ව­යක් තිබෙ­න­වාද?

ලිංගික අප­රාධ විවි­ධයි. උදා­හ­රණ ලෙස, ශාරී­රි­කව සිදු කරන බර­ප­තළ ක්‍රියා­වන් වෙනවා. ස්ත්‍රී දූෂ­ණය (rape), බලෙන් හෝ තර්ජ­න­යෙන් කරන ලිංගික ප්‍රහාර, ළම­යින්ට එරෙ­හිව කරන ලිංගික අප­රාධ ආදිය සඳ­හන් කළ හැකියි. ඊට අම­ත­රව, ස්පර්ශ­ය­කින් තොරව කරන ක්‍රියා­වන් ලෙස, ප්‍රද­ර්ශන කාමය (exhibitionism), දර්ශා­ස්වා­දය (voyeurism — අන් අයගේ පෞද්ග­ලික ලිංගික හැසි­රීම් රහසේ නිරී­ක්ෂ­ණය කිරීම) සහ ළම­යින්ගේ ලිංගික විකෘති දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ බෙදා­හැ­රීම ආදිය ද ලිංගික අප­රාධ වශ­යෙන් සැල­කෙ­නවා. මෙවැනි අප­රාධ නීති­මය වශ­යෙන් බර­ප­තළ (grave) සහ සාමාන්‍ය (less grave) ලෙස වර්ග කළ හැකියි. බර­ප­තළ අප­රාධ සඳහා දැඩි දඬු­වම් නියම කළ හැකියි.

ඇතැ­මුන් එහෙම වන්නේ ඇයි?

මනෝ විද්‍යා­ත්ම­කව ලිංගික අප­රාධ සඳහා යොමු වීමට විවිධ හේතු බල­පා­නවා. වර්ධ­නයේ සිදු­වන අඩු­පාඩු, සමා­ජීය සහ පාරි­ස­රික කාරණා හේතු­වෙන් මෙවැනි අප­රාධ වෙනවා. සම­හර විට, පරා­ෆී­ලියා (විකෘති ලිංගික ආක­ර්ෂණ) වැනි මාන­සික රෝග හෝ පෞරුෂ ආබාධ ආදිය හේතු­වෙ­නුත් ලිංගික අප­රාධ සිදු වීමට බල­පා­න්නට හැකි­යා­වක් තිබෙ­නවා. ඒත්, බොහෝ මාන­සික රෝග ලිංගික අප­රා­ධ­ව­ලට හේතු වන්නේ නැහැ. ඒ වගේම, ලිංගික අප­රාධ වීමට බල­පාන මාන­සික රෝග තිබු­ණත්, එවැනි රෝග ඇති හැමෝම මෙවැනි අප­රාධ කරන්නේ නැහැ. තවත් වැද­ගත් කරු­ණක් වන්නේ, ලිංගික අප­රාධ කරන හැමෝම අනි­වා­ර්ය­යෙන්ම මාන­සික රෝගීන් නොවන බවයි.

(paraphilic disorders) (ලිංගික අප­ව­ර්ත­නය/ අප­ග­මය) එවැනි බහු­ලව දක්නට ලැබෙන මාන­සික රෝග­යක්. මේ රෝගීන්ට සාමා­න්‍ය­යෙන් පිළි­ගත් ආකා­ර­යට ලිංගික කැමැත්ත ඇති වන්නේ නැහැ. ඔවුන්ට සතුන් ගැන, ළමුන් ගැන, මළ සිරුරු ගැන, ලිංගික නොවන ශරීර කොටස්, මිනිස් නොවන වස්තූන් හෝ තමන්ට කැමැ­ත්තක් නොද­ක්වන පුද්ග­ල­යින් කෙරෙහි ලිංගික ආශා­වක් ඇති­වී­මක් දක්නට පුළු­වන්. එසේම, අනෙක් තැනැ­ත්තාගේ කිසිදු අනු­දැ­නු­මක් නැතිව ලිංගික අව­යව පෙන්වී­මට සිතීම වැනි දේ පෙන්වා දිය හැකියි. මේ අය කෙන­කුට හිංස­න­යක්, පීඩා­වක් කිරී­මෙන් සතු­ටක් ලැබී­මට ආශා කර­නවා. හැබැයි, සාමාන්‍ය තැනැ­ත්තන්ගේ ලිංගික කැමැත්ත තුළත් අසා­මාන්‍ය ලිංගික ආශා­ව­නුත් තිබිය හැකියි. මෙය ඉක්මවා යෑම මාන­සික රෝග­යක් ලෙසත් සැල­කෙ­නවා.

වැඩි­දු­ර­ටත් විස්තර කර­මුද?

මෙහිදී ළමුන් කෙරෙහි ලිංගික ආශා­වක් ඇති­වීම පිඩෝ­පි­ලියා (Pedophilia) ළමුන් සම්බ­න්ධ­යෙන් ඇති­වන ලිංගික ආශාව ලෙස හඳු­න්ව­නවා. මෙවැනි රෝගීන්ට වැඩි­විය පත් නොවුණු ගැහැනු හෝ පිරිමි ළමුන් සම්බ­න්ධ­යෙන් ලිංගික ආශා­වන් ඇති­වෙ­නවා. ඒවා අනුන්ගේ ළම­යකු හෝ තම­න්ගේම දරු­වන් සම්බ­න්ධ­යෙන් ද ඇති­විය හැකියි. ඒත් ළමුන්ට ලිංගික හිංසා කරන සිය­ල්ලන්ම මේ රෝග­යෙන් පෙළෙන අයත් නොවෙයි. ඊට තවත් විවිධ හේතූන් තිබිය හැකියි.

මත්ද්‍රව්‍ය සමඟ මෙහි සබ­ඳ­තා­වක් වෙන­වාද?

මත්ද්‍රව්‍ය භාවි­තය (ඇල්කො­හොල්, කොකේන්, බාහි­රව ගත් සම­හර හෝමෝන, මත්පෙති වැනි ද්‍රව්‍ය) ලිංගික අප­රාධ සිදු­වීමේ අව­දා­නම වැඩි කරන සාධ­කයි. මේ ද්‍රව්‍ය භාවි­තය ඍජු­වම ලිංගික අප­රා­ධ­ය­කට හේතු නොවු­වත් එය අව­දා­නම් හැසි­රී­ම්වල නිරත වීමට ඉඩ ලබා දෙනවා. ඒ වගේම නැවත නැවත අප­රාධ කරන අව­දා­නම (recidivism) ද වැඩි කර­නවා. මෙවැනි ද්‍රව්‍ය, ක්‍රියා­වන් පාල­නය කර ගැනීමේ හැකි­යාව (inhibition) අඩු කර­නවා. සුදුසු විනි­ශ්චය කිරීමේ හැකි­යා­ව­ටත් බාධා කර­නවා. අව­දා­නම් හැසි­රී­ම්වල නිරත වීමේ හැකි­යා­වත් වැඩි කර­නවා. මේ ද්‍රව්‍ය තමන් භාවිත කර තිබෙ­නවා නම්, ‘මත්ද්‍ර­ව්‍ය­යෙන් සිහි­ක­ල්ප­නාව වෙනස් වුණා’ කිය­මින් තමන්ගේ අප­රා­ධ­මය වග­කීම වළක්වා ගැනී­මට නීති­යෙන් බැහැ.

අනෙක් හේතු මොන­වාද?

සම­හර පෞරුෂ ආබාධ (personality disorders) සහ පෞරුෂ ලක්ෂණ (personality traits) ලිංගික අප­රාධ සිදු වීමට හේතු විය හැකියි. ආවේ­ග­ශී­ලි­බව, හැඟීම් පාල­නයේ දුර්ව­ල­තාව හෝ සමාජ නීති හා සම්මත පිළි­බඳ තැකී­මක් නොකි­රීම වැනි පෞරුෂ ලක්ෂණ ලෙස ද සමාජ විරෝධී පෞරුෂ ආබා­ධය (antisocial personality disorder) සහ ස්වාර්ථ­කාමි පෞරුෂ ආබා­ධය (narcissistic personality disorder) ආදිය සැල­කිය හැකියි.

මෙහිදී සිතන ආකා­ර­යත් බල­පා­නවා නේද?

සිතන පතන ආකා­රයේ දෝෂ (cognitive errors) මොවුන් අතර දක්නට ඇති තවත් ලක්ෂ­ණ­යක්. ඔවුන් සිදු­වන දේවල් සුළු­කොට සල­ක­නවා. ‘මම කරපු දේ එච්චර ලොකු දෙයක් නොවෙයි. මම එයාව ඇල්ලුවා විත­රයි, මම එයාව අප­යෝ­ජ­නය කළේ නැහැ. ‘ ආදී විවිධ චින්තන රටා­වක් ඇති අයත් ලිංගික වශ­යෙන් අප­රාධ කිරී­මට පෙල­ඹෙ­නවා. එසේම, තවත් පිරි­සක් සිටි­නවා, ‘මම මොකුත් කළේ නැහැ. එයා බොරු කියන්නේ’ ආදී වශ­යෙන් තමන් වර­දක් කළ බව පිළි­ගන්නේ නැති චින්තන රටා­වක් ඔවුන්ට තිබෙන්නේ. ‘ඇය තමයි මාව පොල­ඹවා ගත්තේ, ඒ දරුවා දැන් කොහො­ම­ටත් ලොකු­යිනේ, මම එහෙම දෙයක් කළාම මොකද වෙන්නේ. ‘එයානේ මා ළඟට ආවේ’ ආදී වින්දි­ත­යාට දොස් පව­රන චින්තන රටා­වක් බොහෝ විට අස­න්නට තිබෙ­නවා.

ලිංගික අප­රාධ කරන්නේ මෙවැනි රෝගීන් පම­ණ­යිද?

ලිංගික අප­රා­ධ­ව­ලට හේතු­වෙන්නේ ලිංගික ආශාව පම­ණක්ම නොවෙයි. තමන්ගේ බලය පෙන්වී­මත් එක හේතු­වක්. ලිංගික අප­රා­ධ­ව­ලට ‘බලය’ වින්දි­ත­යාට සහ සමා­ජ­යට පෙන්වීම කියන එක බල­පාන බව පරී­ක්ෂ­ණ­ව­ලි­නුත් සොයා­ගෙන තියෙ­නවා. ලිංගික ශ්‍රමි­ක­යන් (ගණිකා වෘත්තිය) නීති­ගත කිරී­මෙන් පම­ණක් ලිංගික අප­රාධ නතර කිරීම‌ට නොහැ­කියි යන කාර­ණය මෙයින් තහ­වුරු කෙරෙ­නවා.

වර්ධන අව­ධියේ ගැටලු බලපෑ හැකිද?

කුඩා අව­ධි­යේදී යම් ලිංගික අප­යෝ­ජ­න­ය­කට ලක්වූ දරු­වකු පසු­කා­ලී­නව ලිංගික අප­රා­ධ­ව­ලට පෙල­ඹීමේ ඉඩ­කඩ තිබෙ­නවා. ඒත් අප­රා­ධ­ය­කට පත්වූ සෑම දරු­වෙ­කුම එහෙම නැහැ. කුඩා අව­ධි­යේදී පවුලේ අස­ම­ගිය, ගෘහස්ථ හිංස­නය, මවු­පි­යන්ගේ බිඳී යෑම, නොසැ­ල­කිල්ල, ආද­රය සහ කරු­ණාව අඩු­වීම හේතු­වෙන් ලිංගික අප­රා­ධ­ව­ලට පෙල­ඹිය හැකියි. අනෙක, ලිංගික අප­රාධ පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­ව­ටත් යා හැකියි.

බුද්ධි වර්ධ­නයේ ගැටලු, විය­ප­ත්වීම ආදිය මෙහිදී බල­පාන්නේ කොහො­මද?

තේරුම් බේරුම් නැති­වීම, සම වය­සට සරි­ලන ප්‍රති­වි­රුද්ධ ලිංගි­ක­යකු සොයා ගැනී­මට සහ සබ­ඳ­තා­වක් හදා­ගැ­නී­මට හැකි­යා­වක් නැති­කම යන හේතු තිබෙ­නවා. අපේ මොළයේ ඉදි­රි­පස ඇති ‘පෙර මොළය’ කොට­සින් අපේ ක්‍රියා­කා­ර­කම් පාල­නය කරනු ලබ­නවා. යහ­පත් දේ කිරීම සඳහා එහි වර්ධ­නය අව­ශ්‍යයි. එහි වන යම් ආබා­ධ­යක් හේතු­වෙන් ලජ්ජාව සහ බිය නැති­වී­මට හැකි­යාව තිබෙ­නවා. මේ නිසා ලිංගික අප­රා­ධ­ව­ලට පෙල­ඹී­මට හැකියි. ඉතාම හොඳ චරි­ත­යක් තිබුණු සම­හර පුද්ග­ල­යන් වයෝ­වෘද්ධ වූ විට හිටි­හැ­ටි­යේම ලිංගික අප­රා­ධ­ව­ලට නැත්නම් අව­ස­ර­යක් නැතිව නොමනා ස්පර්ශ­යන්ට පෙල­ඹෙන්නේ පෙර මොළයේ ඇති­වන ආබාධ නිසා විය හැකියි. පාරි­ස­රික සහ සමා­ජීය ක්‍රියා හේතු­වෙ­නුත් ලිංගික අප­රා­ධ­ව­ලට යොමු­ව­නවා. දරුණු ගණයේ ලිංගික අප­රාධ, ප්‍රචණ්ඩ ලිංගික අප­රාධ සහ බල­හ­ත්කා­ර­යෙන් කරන ලිංගික අප­යෝ­ජන සාමා­න්‍ය­ක­ර­ණය කර මාධ්‍ය හරහා පෙන්වී­මේදී ලිංගික අප­රා­ධ­ව­ලට පෙල­ඹෙන අය ද සිටි­නවා. එසේම, ඇසුරු කරන අය නිසාත් ලිංගික අප­රා­ධ­ව­ලට යොමු­ව­නවා. ඒ වගේම යහ­ළු­වන්, නෑදෑ­යින් සහ අස­ල්වා­සින්ගේ ඇසු­රක් ආදිය නැතිව තනිව සිටින පුද්ග­ල­යන්ද ලිංගික අප­රාධ සඳහා යොමු වීමේ යම් ප්‍රව­ණ­තා­වක් තිබෙ­නවා. වින්දි­ත­යන්ව හංවඩු ගස­මින් ඒ අයට සැඟවී සිටී­මට සමා­ජය විසින් දෙනු ලබන අනු­බ­ලය නිසාත් නැව­තත් අප­රා­ධ­ව­ලට ගොදු­රු­වීමේ හැකි­යාව තිබෙ­නවා. තමන්ට ලිංගික හිරි­හැ­ර­යක් වුණා යැයි සමා­ජ­යට ඇවිත් කිය­න්නට බැරි වෙන තැනට සමා­ජය කට­යුතු කරන අවස්ථා ද වෙනවා. මේ නිසා අප­රා­ධ­ක­රු­වන්ට තව තවත් අප­රාධ කිරීමේ අව­ස්ථාව ලැබෙ­නවා.

සමාජ වට­පි­ටාව බල­පාන්නේ කොහො­මද?

සමා­ජ­යෙන් ලැබිය යුතු ආර­ක්ෂාව නොලැ­බීම නිසාත් ලිංගික අප­රාධ සිදු­ව­නවා. පාස­ලක, ළමා නිවා­ස­යක, ආග­මික ස්ථාන ආදී පද්ධ­ති­යක් තුළදී ලිංගික අප­රාධ සිදු වනවා. ඒ වගේ සිදු­වී­මක් සඟවා තැබීම නිසා දිගින් දිග­ටම ලිංගික අප­රාධ සිදු­විය හැකියි.

ස්ත්‍රී පුරු­ෂ­භා­වය දකින ආකා­රයේ ගැටලු සහිත සමා­ජ­යක ලිංගික අප­රාධ වැඩියි. උදා­හ­ර­ණ­යක් ලෙස කාන්තාව පිරි­මියා සතුටු කිරී­මට සිටින අයෙක්, ගැහැ­නිය කියන්නේ ලිංගික භාණ්ඩ­යක් ආදී වශ­යෙන් ස්ත්‍රී විරෝධී අද­හස් දරන සමා­ජ­යක අප­රාධ වැඩියි.

එසේම ස්ත්‍රී පුරුෂ සමා­ජ­භා­වය ගැන සමා­ජයේ තිබෙන වෙන්කොට සැල­කීම, පිරිමි දරු­ව­න්ටත් අහි­ත­කර ලෙස බල­පා­නවා. පිරිමි දරු­වන්ට සිදු­වන අප­රාධ සල­කන්න ඕනෑ නැහැ, ඒ අයව හෝදලා ගෙට ගන්න පුළු­වන්, ඔවුන් අප­යෝ­ජ­න­ය­කට ලක්වීම විහි­ළු­වක් හෝ ඔවුන් කැමැ­ත්තෙන් ලක්වෙන දෙයක් ලෙස සල­කන සමා­ජ­යක පිරිමි දරු­වන් අසා­ධා­ර­ණ­යට සහ අන­තු­රට පත්වෙ­නවා. ඒ වගේම පිරි­මින්ට එරෙ­හිව සිදු කරන ලිංගික අප­රාධ සුළු­කොට තැකී­ම­ටත් මෙවැනි අද­හස් හේතු වෙනවා.