ලීව­ලින් කරන අලි වැඩ

ශ්‍රී ලංකාවේ පාර­ම්ප­රි­කව පැවත එන දේශීය කලා කර්මාන්ත රැසක් වේ. ඒ අත­රින් ලී කැට­යම් කලාව ද ප්‍රධාන තැනක් ගනියි. ලී කැට­යම් කලාව යනු ලොව පුරා පව­තින අති­ශ­යින්ම සෞන්ද­ර්යා­ත්මක සහ සංකීර්ණ කලා ශිල්ප­යකි. සුවි­ශේෂී වූ ජන කලා­වක් වන මෙය දේශීය මෙන්ම විදේ­ශීය සංචා­ර­ක­යන්ගේ ආක­ර්ෂ­ණ­යට ලක්ව තිබෙන බව කිව­යු­තුය. අතී­තයේ පැරැන්නෝ තම කාන්සිය නිවා ගැනීම සඳහා ලී කැට­යම් කර්මා­න්තයේ නිරත වූහ. ඒ අනුව ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල ප්‍රදේ­ශයේ ගමක් වන හීන්පැ­න්දල ගම ප්‍රසි­ද්ධි­යට පත්ව ඇත්තේ පාර­ම්ප­රික ලී කැට­යම් ගම්මා­න­යක් ලෙසය. කෙසේ වුවද මෙම කලාව අද වන විට වියැ­කෙ­මින් යන අතර, කෙසේ වුවද මෙම ගමේ බහු­ත­ර­ය­කගේ වෘත්තිය ලී කැට­යම් කලාව වී ඇත.

මේ අනුව හීන්පැ­න්දල ගමේ පාර­ම්ප­රික ලී කැට­යම් කලාව ආරක්ෂා කර ගනි­මින් තව­දු­ර­ටත් අභි­යෝග මධ්‍යයේ පව­ත්වා­ගෙන යන කලා­ක­රු­වකු ලෙස මංජු මේනක මහ­තාව හැඳි­න්විය හැකිය. මංජු මේනක මහතා තම පාර­ම්ප­රික කලාව ගැන තම අද­හස් මෙසේ ප්‍රකාශ කළේය.

“හීන්පැ­න්දල ගම්මා­නය වෘත්ති­ය­මය වශ­යෙන් කැට­යම් ගම්මා­න­යක්. මම අවු­රුදු 16 ඉඳන් ලීව­ලින් කැට­යම් කප­නවා. මේක දීර්ඝ කාල­යක් තිස්සේ පැවත එන පාර­ම්ප­රික කලා­වක්. විශේ­ෂ­යෙන් මම අලින්ගේ රූප, දේව රූප, සතුන්, මුහුණු, විසි­තුරු රූප ආදිය තමයි කැට­යම් ලෙස කපන්නේ. මේ නිර්මාණ කරන්න මම යොදා ගන්නේ මහෝ­ගනී, මාර, කළු­වර, නැදුන් වගේ ලී. මෙම ලී දැව සංස්ථා­වෙන් ගන්නවා. නැත්නම් පිට­ප­ළා­ත්ව­ලින් ප්‍රවා­හ­නය කර­ග­න්නවා.”

මංජු මේනක මහතා අලි ඇතුන්ගේ රූප නිර්මා­ණය කිරීම සඳහා සුවි­ශේෂී දක්ෂ­ක­මක් දක්වයි. අලි ඇතුන් ශක්තිය, ප්‍රඥාව, දීර්ඝා­යුෂ සහ සෞභා­ග්‍යය සංකේ­ත­වත් කරන බැවින් ඔවුන්ගේ ලී කැට­යම් නිවාස සහ කාර්යාල අලං­කාර කිරී­මට මෙන්ම තෑගි භෝග ලෙස ද බහු­ලව භාවිත වේ. ලොව පුරා සංස්කෘ­තීන් රැසක අලි ඇතුන්ට හිමි­වන්නේ සුවි­ශේෂී ස්ථාන­යකි. ආසි­යානු රට­වල ඔවුන් බොහෝ­විට වාස­නාව ගෙන එන සතුන් ලෙස සැලකේ. ෆෙන්ෂුයි වැනි චීන විශ්වා­ස­යන්ට අනුව නි‍ෙවසේ දොර­ටුව දෙසට මුහු­ණලා සිටින අලි­ය­කුගේ රූප­යක් තැබී­මෙන් ධනා­ත්මක ශක්තිය ගලා­ඒම සිදුවේ. එසේම හොඬ­වැල ඉහ­ළට ඔස­වා­ගෙන සිටින අලි රූප වාස­නාව හා සෞභා­ග්‍යය ගෙන එන බවට ද විශ්වා­ස­යක් පව­තියි. මේ අනුව මංජු මේනක මහතා අඩි අට­කට වඩා උසින් යුත් ලංකාවේ ලොකුම ලී කැට­යම් අලියා තනි ලී කොට­ය­කින් නිර්මා­ණය කර ඇත. ඒ පිළි­බ­ඳව ද ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

“මම පාර­මාර කියන තනි ලී කොට­යෙන් අඩි 8ට වඩා උස අලි­යෙක් කැට­යම් කළා. මේ වගේ නිර්මාණ සිදු කරලා මගේ වෘත්ති­යට අම­ත­රව මම ආත්ම තෘප්ති­යක් ලබ­නවා”

ලී කැට­යම් අලි නිර්මාණ විවිධ ප්‍රමා­ණ­ව­ලින් සහ මෝස්ත­ර­ව­ලින් දක්නට ලැබේ. සම­හර කැට­යම් ඉතා සරල වන අතර අලි­යාගේ මූලික ස්වරූ­පය පම­ණක් පෙන්වයි. තවත් සම­හර ඒවා අලං­කාර කැට­යම් රටා, වර්ණ­ගැ­න්වීම් සහ විසි­තුරු සැර­සි­ලි­ව­ලින් සම­න්විත වේ. තනි අලි­ය­කුගේ රූපයේ සිට අලි රංචු­වල පැට­වුන් සමඟ සිටින අලි මවක් වැනි සංකීර්ණ නිර්මාණ ද දැකිය හැකිය. සාමා­න්‍ය­යෙන් මෙම කැට­යම් සඳහා බහු­ලව භාවිත වන්නේ තේක්ක, කළු­වර, රන් කැට­යම් වැනි කල්ප­ව­තින දැව වර්ගයි. ශිල්පි­යාගේ දක්ෂ­තාව මත මෙම ලී කැට­යම් අලි­යාගේ හැඟීම්, චල­න­යන් සහ ස්වාභා­වික පෙනුම විදහා දක්වයි. සම­හර කැට­ය­ම්වල, අලි­යාගේ සමේ රැලි, ඇස්වල ප්‍රකා­ශ­න­යන් සහ දළ­වල විසි­තුරු බව ඉතා සියුම්ව නිරූ­ප­ණය කරනු ඇත.

ලී කැට­යම් අලි නිර්මාණ යනු හුදෙක් සැර­සිලි භාණ්ඩ පම­ණක් නොවේ. ඒවා ශිල්පි­යාගේ දක්ෂ­තාව, නිර්මා­ණ­ශී­ලී­ත්වය සහ සංස්කෘ­තික උරු­මය ද විදහා දක්වයි. බොහෝ­විට මෙම කැට­යම් පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­වට පැවත එන සාම්ප්‍ර­දා­යික දැනුම හා ශිල්පීය ක්‍රම භාවි­ත­යෙන් නිප­ද­වනු ලබයි. එම­නිසා සෑම කැට­ය­මක් තුළම අතී­තයේ සිට පැවත එන කලා­ත්මක උරු­ම­යක් සහ අත්කම් ශිල්පයේ විශි­ෂ්ට­ත්වය ගැබ් වී ඇත.

ඔබත් ඔබේ නි‍ෙව­සට හෝ ආද­ර­ණී­යන්ට තෑග්ගක් ලෙස අලං­කාර ලී කැට­යම් අලි නිර්මා­ණ­යක් තෝරා­ගන්නේ නම්, එය නිසැ­ක­වම සෞභා­ග්‍යය හා සුන්ද­ර­ත්වය ගෙන එන කලා කෘති­යක් වනු ඇත.

වර්ත­මා­නයේ ලී අලි කැට­යම් ශ්‍රී ලංකාවේ ඉතා ජන­ප්‍රිය සිහි­ව­ට­න­යක් සහ ගෘහ අලං­ක­රණ භාණ්ඩ­යක් ලෙස සැලකේ. විදේ­ශීය සංචා­ර­ක­යන් අතර මෙන්ම දේශීය වශ­යෙන් ද මේවාට ඉහළ ඉල්ලු­මක් පව­තියි. ශ්‍රී ලංකාවේ බොහෝ වෙ‍ෙළ­ඳ­ස­ල්වල, විශේ­ෂ­යෙන්ම සංචා­රක කලා­ප­වල, විවිධ ප්‍රමා­ණයේ සහ විලා­සි­තා­ව­ලින් යුත් ලී අලි කැට­යම් දැක­ගත හැකිය. මේවා ශ්‍රී ලංකාවේ සාම්ප්‍ර­දා­යික කලා ශිල්පය සහ සංස්කෘ­තික අභි­මා­නය ලොවට විදහා දක්වයි.

මංජු මේනක මහතා අව­සා­නයේ දී මෙසේ සඳ­හන් කළේය.

“මෙම ලී කැට­යම් කර්මා­න්තය වෘත්ති­යක් ලෙස කරන පවුල් 100ක් වගේ ගමේ ඉන්නවා. මේවා අත්කම් කර්මාන්ත. පාර­ම්ප­රික කලාව නැති­කර ගන්න බැරි නිසා ආර්ථික අප­හ­සුතා මධ්‍යයේ වුවත් මේ කර්මා­න්තය අපි කර­ගෙන යනවා.”