දකුණු ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක් අසළ සිදුවු ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගිය අතර, සිව්දෙනෙකු තුවාල ලැබු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරන්නේ අයින් එල් හිල්බේ ප්‍රදේශයේ පුහුණු සංකීර්ණයක ක්‍රියාත්මක වන පලස්තීන සන්නද්ධ කණ්ඩායමක් වන හමාස් සාමාජිකයින් ඉලක්ක කරගත් බවයි.
හමාස් විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට මෙම ස්ථානය භාවිතා කළ බවට හමාස් සංවිධානය විසින් චෝදනා එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායලය විසින් සිදුකරන එම චෝදනා හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉරානයේ පිටුබලය ලබන සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සමග ගැටුම් අවසන් කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ගිවිසුමෙන් පසු ඊශ්‍රායලය ලෙබනනයේ ජනතාවට සහ ස්ථානවලට නිතිපතා ගුවන් ප්‍රහාර එල්ල කිරීම සිදුකෙරුණා.
