ලේක්හවුසියේ උදයට රන් පදක්කමක්

ජාතික මහා ක්‍රීඩා උලෙ­ළට සම­ගා­මීව පැවති බස්නා­හිර පළාත් කාය­ව­ර්ධන තර­ගා­ව­ලි­යේදී කිලෝ­ග්‍රෑම් 75 බර පන්තියේ රන් පද­ක්කම දිනා ගැනී­මට ලේක්හ­වුස් ක්‍රීඩා සමා­ජයේ එල්.පී.අයි. උදය සමත් විය.

ලේක්හ­වුස් ආය­ත­නයේ ගිණුම් අංශයේ සේවය කරන උදය අඛ­ණ්ඩව තෙවැනි වර­ටත් රන් පද­ක්කම දිනා ගැනී­මට සමත් වීම කැපීපෙනෙන සිදු­වී­මක් විය.

ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ සංවි­ධා­ය­ක­ත්ව­යෙන් සහ ශ්‍රී ලංකා කාය­ව­ර්ධන සහ ශාරී­රික යෝග්‍යතා සම්මේ­ල­නයේ පූර්ණ අධී­ක්ෂ­ණය යටතේ මේ තර­ගා­ව­ලිය හෝමා­ගම මහින්ද රාජ­පක්ෂ ක්‍රීඩාං­ග­ණ­යේදී පැවති අතර, මේ සඳහා බර­පන්ති 9ක් යටතේ ක්‍රීඩ­කයෝ රැසක් එක්ව සිටි­යහ.