වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් මෝටර් රථයේ සිටි දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
අනතුර හේතුවෙන් ලොරි රථය මාර්ගය හරහා පෙරලී ගොස් ඇති අතර එම මාර්ගයේ එක් මන්තීරුවක ගමනා ගමනයටත් බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

