කැලණිය බියගම මාර්ගයේ බණ්ඩාරවත්ත ප්රදේශයේදී ඊයේ (24) දින සවස කඩුවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කල පදික පුද්ගලයෙකුගේ ගැටි අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පදික පුද්ගලයා බරපතල තුවාල ලබා බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු මාර්ගයේ සැරිසරන යාචකයෙකු බවට අනාවරණය වී ඇත.
අනතුරට සම්බන්ධ ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බියගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
