ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන විරෝධතා මැඩපැවැත්වීම් සඳහා අමතර ජාතික ආරක්ෂක භටයින් 2000 ක් යෙදවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඊට අමතරව මැරීන් සෙබළුන් 700 ක් ද යෙදවීමටයි, ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ.
අමෙරිකාවේ වෙසෙන සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමට එරෙහි විරෝධතා පැවැත්වෙන්නේ, සිව් වැනි දිනටයි.
මේ වන විට විරෝධතා තවත් උත්සන්න වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විරෝධතාකරුවන් පලවා හැරීමට ආරක්‍ෂක අංශ කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිත කරමින් සිටිනවා.
ආරක්‍ෂක අංශ යෙදවීම රිපබ්ලිකන් පාක්ෂිකයින් විසින් අනුමත කර තිබෙනවා.
නමුත්, ඩිමොක්‍රටික් පාක්‍ෂිකයින් ට්‍රම්ප්ගේ මෙම තීරණයට විරෝධය පළ කරනවා.
ලොස් ඇන්ජලීස් ආණ්ඩුකාරවරයා පවසන්නේ, හමුදාව යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
සිකුරාදා ආරම්භ වූ විරෝධතා ඇතැම් අවස්ථාවලදී ප්‍රචණ්ඩකාරී වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විරෝධතාකරුවන්ගේ පහරදීම් නිසා ආරක්‍ෂක අංශ නිලධාරින් රැසක් ද තුවාල ලබා ඇති බවයි, බලධාරීන් පවසන්නේ.
