වන්දනාවේ ගිය 2කට මරු කැඳවූ බිහිසුණු අනතුර

තලවිල දේවස්ථානය වන්දනා කිරීම සදහා ගමන් කරමින් තිබූ බස් රථයක් නතර කර තිබියදී පසුපසින් පැමිණි ලොරි රථයක් එහි ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් වයස අවුරුදු 15 ක පාසල් සිසුවෙකු සහ වයස අවුරුදු 74 ක පුද්ගලයෙකු මිය ගොස් ඇත.

ලොරි රථය ඉතා වේගයෙන් පැමිණ වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථයේ ගැටී ඇති බවයි නොරච්චෝලය පොලීසිය ප්‍රකාශ කළේ.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.