වප් පොහෝ දා Super moon

අද වප් පොහොය දින දක්නට ලැබෙන පූර්ණ චන්ද්‍රයා (super moon) ලෙස හැදින්විය හැකිය.

super moon ලෙස හැදින්විය හැක්කේ එය වෙන පොහෝ දිනට දක්නට ලැබෙන පුර සඳට වඩා වැඩි විශාලත්වයකින් හා දීර්පිතියකින් යුත්ත වන නිසාය.

මෙම supermoon සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට වඩා 7% ක් පමණ විශාල වනු ඇතැයිද අපේක්ෂා කරනවා.

Super moon තත්ත්වයන් වර්ෂයකට කිහිපවතාවක් දැක ගත හැකිය.

තවද මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ සඳ ඉලිප්පාකාර කක්ෂයේදී පෘතුවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම නිසා මෙම තත්ත්වය ඇති වීම නිසාය.

මෙම super moon සඳ පුරපසළොස්වක දිනක පමණක්ම න‍ොව අමාවක දිනයන්වලදීද ඇති විය හැක.

මෙදින මුහුදේ වෙනදාට වඩා වැඩි වඩදිය බාදිය තත්ත්වයක්ද ඇතිවිය හැක.

තවද එදිනම අපගේ පූර්ණ චන්ද්‍රයා අසලින් සෙනසුරු ග්‍රහයාද දැක ගැනීමට හැකි සුවිශේෂ අවස්ථාවක් ද නිරීක්ෂණය කිරීමටද හැකියාව ඇත.