
ශාසනික වශයෙන් මුළුමහත් බෞද්ධයාටම වැදගත් සිදුවීම් රැසක් සිදු වූ වප් පොහෝ දිනය (06) අදට යෙදී තිබේ.
අවුරුද්දේ දහ වැනි මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළැඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. බෞද්ධ සැදැහැවත් ජනීජනතාවට මේ වප් පුරපසළොස්වක පොහොය කරුණු කිහිපයක් නිසාම වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම, මතු බුදු වන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබා ගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම, අරිට්ඨ කුමරු ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම, පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මේ වප් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදු වූ වැදගත් සිදුවීම් අතර ප්‍රමුඛ වේ.
බුදුරජාණන් වහන්සේ සත් වැනි වස් කාලය තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල සෛලාසනයෙහි වස් සමාදන්ව මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙව් පිරිසට අභිධර්මය දේශනා කර මාතෘ දිව්‍යරාජයා ඇතුළු අසූකෝටියක් මාර්ග ඵලවලට පත්කර අනතුරුව වප් පොහෝ දින වස් පවාරණය කර තව්තිසා දෙව් ලොවින් ශක්‍ර බ්‍රහ්මාදී දෙවිවරුන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ රන් ඉණිමඟින් දඹදිව සංකස්ස නගර ද්වාරයට වැඩම කළේත් අද වන් උතුම් වප් පොහෝ දිනකදීය.