ප්‍රංශ රජයේ සංවර්ධන වැඩසටහන්හි තාක්ෂණික ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලද අතර එම ව්‍යාපෘතිය යටතේ 2024- 2025 කාලය තුළ ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉලක්කයන් සාක්ෂාත් කර ගන්නා ලදී.
කොළඹ අග නගර ප්‍රදේශය සඳහා වායුගෝලීය දූෂක කාරකයන් සඳහා වන (NOx, CO, SO, NMVOCs, PM10 සහ PM2.5) ශ්‍රී ලංකාවේ පළමු විමෝචන ඉන්වෙන්ට්‍රිය සකස් කිරීම ප්‍රවාහනය, කර්මාන්ත, කෘෂිකර්මාන්තය, අපද්‍රව්‍ය කළමනා කරණය, බලශක්ති භාවිතය වැනි ප්‍රධාන ආර්ථික අංශ හරහා දුෂකාරක ප්‍රභවයන් හඳුනා ගන්නා ලදී. මෙම පුළුල් දත්ත සමුදාය විද්‍යාත්මක හා තාක්ෂණික තොරතුරු පදනම් කර ගත් වායු දූෂණය අවම කිරීමේ ප්‍රතිපත්ති හා සැලසුම් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීම උදෙසා වන ප්‍රබල මෙවලමකි.
මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ කොටුව ආශ්‍රිතව මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙහෙයවන ඉතා ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව වායුගෝලීය දූෂක කාරකයන් මැනිය හැකි බහු – දූෂක කාරකයන් හඳුනාගන්නා මධ්‍යස්ථානයට නව උපකරණයක් සවි කිරීම ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (17) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව එම මධ්‍යස්ථානය ආශ්‍රිතව පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම Online Real Time Web Based Air Quality Monitoring System මගින් ඉතා ඉහළ නිරවද්‍යතාවයෙන් යුතු දත්ත සැපයීම සිදුකෙරෙන අතර මෙම සියලු ක්‍රියාකාරකම් පරිසර අමාත්‍යාංශයේ වායු තත්ත්ව කළමනාකරණ ඒකකය මගින් සංවිධානය කරන ජාතික මෙහෙයුම් කමිටුව හරහා අධීක්ෂණය කෙරිණි. ප්‍රංශ සංවර්ධන ඒජන්සිය (AFD) සමඟ දෘසත්‍යා වැඩපිළිවෙලක්ද (Visibility Action) මේ සමඟ ක්‍රියාත්මක වේ. කොළඹ නාගරික බල ප්‍රදේශයේ වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳව සිදුකරන ලද උපාය මාර්ග හා ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීමේ ධාරිතා සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රංශ සංවර්ධන ආයතනය, Airparif ආයතනය සහ පරිසර අමාත්‍යාංශය එක්ව සිදු කරන ලද අතර මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) ඔස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මධ්‍යම පරිසර අධිකාරිය මගින් කොළඹ කොටුව ආශ්‍රිතව වායුගෝලීය දූෂක කාරකයන් මැනීමේ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරමින් පවතින අතර මෙම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු වැඩි ඵලදායීතාවයකින් සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට අවශ්‍ය නවීන උපකරණයක් මෙම ව්‍යාපෘතිය හරහා ලබාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා ඇතුළු පරිසර අමාත්‍යංශයේ නිළධාරී, මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන් සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නිළධාරීන් සහභාගී වූහ.
