වැරදුණු ඉලක්කය

ඉන්දියාවේ පුද්ගලයින් 13 දෙනෙකුට මරු කැඳවමින් සිදුවු බෝම්බ ප්‍රහාරය බෝම්බකරු ආතතියට පත් වීම හේතුවෙන් වැරදීමකින් පුපුරා ගිය බවට සැකකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

බෝම්බකරුගේ සැබෑ ඉලක්කය එම ස්ථානය නොවනු ඇති බවටයි ඉන්දීය බුද්ධි අංශ තොරතුරු අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරකයා රථය පොලිස් මුරපොලක් ආසන්නයට පැමිණි අවස්ථාවේ මෙම පිපිරීම සිදුවී තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වෙන අතර, එම කාර්යය සඳහා යොදා ගත් මෝටර් රථය ප්‍රහාරය සිදුකළ වෛද්‍යවරයා විසින් ප්‍රහාරය එල්ල කිරීමට පෙර දින 11 ක් හර්යානා ප්‍රාන්තයේ වෛද්‍ය විද්‍යාලයක නවතා තබා තිබි ඇති බවට තොරතුරු තහවුරු වී තිබෙනවා.

ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට වෛද්‍ය විද්‍යාලයේ ආචාර්යවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාජ පිලිගැනීමක් ඇති වෘත්තීයවේදින් යොදාගෙන සිදුකිරීමට උත්සහ කරන මෙම ක්‍රියාකාරකම් නවතම ත්‍රස්තවාදී මාදිලියක් ලෙසයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉන්දීය පොලිසිය පවසන්නේ කිලෝග්‍රෑම් 3000 කට ආසන්න පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි.