වැල්ලවායේ දරුණු බස් රථ අනතුරක්, පුද්ගලයෙකු මරුට

වැල්ලවාය නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ඊයේ (14) රාත්‍රී කාලයේ අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මියගොස් ඇති අතර බස් රථයකට යටවී එම පුද්ගලයා මිය යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ සෙල්ලබාව එක මාර්ගය, වැල්ලවාය ලිපිනයේ පදිංචි වයස අවුරුදු හැට දෙකක පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.