විදුලිසරට බිලි වූ 70%ක් 21-60 වයසේ

ඉකුත් වසර 5 තුළ විදුලිසර වැදීමෙන් මියගිය අයගෙන් 70%කට වඩා වැඩි පිරිසක් අවුරුදු 21 සිට 60 දක්වා වයසේ පසු වන්නන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (පරීක්ෂක අංශය) ලිලන්ත නීලවල පැවසීය.

නිවෙස්වල ට්‍රිප් ස්විච නිසියාකාරව වැඩ නොකිරීම නිසා සිදු වන මරණවල ක්‍රමානුකූල වැඩි වීමක් පෙන්නුම් කරන බවත්, නිවෙස්වල ට්‍රිප් ස්විචය නිසි ආකාරව ක්‍රියා කළේ නම් එම මරණ සංඛ්‍යාවෙන් 40%ක් වළක්වාගත හැකිව තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

විදුලි අනතුරු අතර ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක මුල් තැනක තිබෙන බවද කුරුණෑගල පොලිස් බල කොට්ඨාසයේ පමණක් නිවෙස් 25%ක ට්‍රිප් ස්විචයේ ගැටලු තිබෙන බවද මහජන උපයෝගිතා කොමිසම සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.