විදෙස් කාන්තාවන් දෙදෙනෙකුගෙන් මුදල් බලෙන් ලබා ගත් දෙදෙනෙකුට වැඩ වරදී

විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් මුදල් බලෙන් ලබා ගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025.10.02 වන දින හා 2025.10.05 වන දිනයන් වලදී සංචාරයන් සඳහා දිවයිනට පැමිණි බ්‍රසීල හා බෙල්ජියම් ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් ත්‍රීරෝද රථ ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් (රුපියල් 10000/=ක් හා රුපියල් 30000/=ක්) ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් සංචාරක කොට්ඨාසයට ලද පැමිණිලි දෙකක් මත විමර්ශන ආරම්භ කර ඊට සම්බන්ධ සැකකාර ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 40 හා 48 වයස්වල පසුවන ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකාර රියදුරන් කුරුඳුවත්ත හා කොල්ලුපිටිය පොලිස් ස්ථාන වෙත වැඩිදුර විමර්ශන සඳහා ඉදිරිපත් කර ඇත.