විදෙස් දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අද (07) දින අළුයම් කාලයේ කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර නීති විරෝධීව මෙරටට රැගෙන ලද සිගරට් 28,000ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයසඅවුරුදු‍ 48 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.