විම්බල්ඩන් කේවල ශූරතාවක් දිනාගත් පළමු ඉතාලි ක්‍රීඩකයා ජැනික් සිනර්

ස්පාඤ්ඤයේ කාලෝස් අල්කාරස් පරාජය කර මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ඉතාලියේ ජැනික් සිනර් ඊයේ (13) සමත් විය.

ඉතාලියේ සිනර් 4-6 6-4 6-4 6-4 6-4 ජයග්‍රහණයක් ලබා ගත් අතර, දින 35 කට පෙර ස්පාඤ්ඤයේ සුපිරි ක්‍රීඩක අල්කරාස් හමුවේ ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේදී ලැබූ කුරිරු පරාජයට වාඩුව පිරිමසා ගත්තේය.

23 හැවිරිදි ජැනික් සෙන්ටර් කෝට් පිටියේදී දෙවරක් ශූරයා වූ අල්කරාස්ගේ කිරුළ ලබාගත්තේ වසර 148ක තරඟ ඉතිහාසයේ ඉතාලි ජාතිකයෙකු දිනූ පළමු කිරුළ ලෙසද වාර්තා අතරට ද එක්වෙමිනි.