වෙනිසියුලාවේ මාරියා කොරිනා මචාඩෝ නොබෙල් සාම ත්‍යාගය දිනාගනී

වෙනිසියුලානු දේශපාලනඥයෙකු වන මාරියා කොරිනා මචාඩෝට මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිව තිබෙනවා.

කොරිනා මචාඩෝට මෙම සම්මානය හිමිවූයේ, වෙනිසියුලානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය සඳහා වෙහෙස නොබලා කළ කාර්යභාරය වෙනුවෙන්.

ඒකාධපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියත් සාක්ෂාත් කර ගැනීම සඳහා ඇය අරගලයක් කරනු ලැබුවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මෙම සම්මානය දිනා ගැනීම සඳහා ප්‍රසිද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කළද ඔහුට එය හිමි වූයේ නැහැ.