
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් සංවිධාන කරන මධ්‍යම ආසියානු පිරිමි ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරි වොලිබෝල් කණ්ඩායම ඊයේ මාලදිවයින බලා පිටත්ව ගියේය.
රටවල් 5කින් කණ්ඩායම් 6ක් එක්වන මේ තරගාවලිය හෙට (17) ආරම්භ වෙයි.
පසුගිය වසරේ පැවති ජාතික වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීම හේතුවෙන් වරාය අධිකාරී පිලට මේ තරගාවලියට එක්වීමේ අවස්ථාව හිමිවිය. මේ කණ්ඩායමේ නායකයා ලෙස චමින්ද දර්ශන කටයුතු කරන අතර, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස උදය රුක්මාල් මහතා එක්වෙයි.
මේ අතර තරගාවලියේ තාක්ෂණික අධ්‍යක්ෂ ලෙස ශ්‍රී ලංක වොලිබෝල් සම්මේලනයේ හිටපු උපසභාපතිවරයකු සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු වන කේ.ආර්.ඩී.සී. රත්නමුදලි මහතාත්, කණ්ඩායමේ විනිසුරු ලෙස එච්.ඩබ්.ජී. චමින්ද බණ්ඩාර මහතාත් එක්වීමට නියමිතය.
මේ තරගාවලියට නේපාලය, කිරිගිස්තානය සහ කසකස්තානයෙන් කණ්ඩායම බැගින් ද නේපාලයෙන් කණ්ඩායම් දෙකක් ද එක් වෙයි. තරගාවලිය ආරම්භ කරමින් වරාය අධිකාරි පිල හෙට (17) උස්බෙකිස්තාන පිලට එරෙහිව තරග වදින අතර, 18 වැනිදා කිරිගිස්තාන පිලට එරෙහිවත්, 19 වැනිදා මාලදිවයිනේ – පිලට එරෙහිවත් තරග වැදීමට නියමිතය. 21 වැනිදා මාලදිවයිනේ එච්ඩීසී පිලට එරෙහිව තරග වදින වරාය අධිකාරි පිල 22 වැනිදා නේපාල කණ්ඩායමට එරෙහිව මූලික වටයේ අවසන් තරගයට එක් වෙයි. තරගාවලිය මේ මස 23 වැනිදා නිමාවීමට නියමිතය.