ශ්‍රී ලංකාව සහ බෙල්ජියම ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ගිවිසුමක්

ශ්‍රී ලංකා රජය සහ බෙල්ජියම් ක්‍රෙඩින්ඩෝ එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඒජන්සිය අතර විදේශ ණය ප්‍රතිව්‍යූහත කිරීම පිළිබඳ ගිවිසුමකට ද අද එළඹුණා. ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන අතර, ඇස්තමේන්තු ගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 9.6 ක්.

ගිවිසුමට අත්සන් තැබුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ බෙල්ජියම් ක්‍රෙඩින්ඩෝ එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඒජන්සිය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරිවරයායි. බෙල්ජියම් රජය සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුම තුළින් හැකියාව ලැබෙනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. ණය තිරසර භාවය යථා තත්වයට පත් කිරීමට මෙය මහත් රුකුළක් බවත්,   ශ්‍රී ලංකාවේ ආර්ථික නැවත ගොඩනැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීමට රජයේ ඇති අඛණ්ඩ කැපවීම මින් පිළිඹිඹු කරන බවත් බෙල්ජියම් රජයේ නියෝජිතයින් සඳහන් කළා.