ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාත්‍යන්තර සංග්‍රාමික තරඟයකදී විශිෂ්ට ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාත්‍යන්තර සංග්‍රාමික තරඟයකදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගනිමින් 9th Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේදී දෙවන වරටත් රන් පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

මිත්‍රශීලී විදේශීය රටවල් 19 ක කණ්ඩායම් ඇතුළුව කණ්ඩායම් 24 ක් සමඟ තරඟ වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම, අභියෝගාත්මක තරඟය පුරාම සුවිශේෂී ශාරීරික දරාගැනීමේ හැකියාව, උපායශීලී විශිෂ්ටත්වය සහ කැපී පෙනෙන හමුදා කුසලතා ප්‍රදර්ශනය කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමේ කායික ශක්තිය, ක්‍ෂණික ක්‍රියාකාරීත්වය සහ මානසික සූදානම ඉහළම ප්‍රමිතීන් පරීක්ෂාවට ලක් කරමින් දෙවන වරටත්, රන් පදක්කම දිනා ගත් අතර, පසුගිය වසරේදී රිදී පදක්කමකට පමණක් සීමා වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම, එය අභිබවා යමින් මෙවර රන් පදක්කම දිනා ගැනීම ඔවුන්ගේ සුවිශේෂී කැපී පෙනෙන ජයග්‍රහණයක්.