ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ හයවන දිනය අද

ඉන්දියාවේ සිට වැඩම කෙරුණු දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ හයවන දිනය අදට (10) යෙදී තිබෙනවා.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උතුම් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් කිරීමට නියමිතව ඇත.

මේ නිසා අද (10) රාත්‍රී 10න් පසුව සර්ව­ඥ­ධාතු වන්දනා කිරීම සඳහා පෝලි­ම්ව­ලට එක්වී­මෙන් වළ­කින ලෙස ගංගා­රාම විහා­රා­ධි­පති බැති­ම­තු­න්ගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදාගැනීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය මහ ඇමති චවුනා මේන් යන මහත්වරු ඇතුළු ඉන්දීය දූත පිරිසක් ඊයේ (09) දහවල් මෙරටට පැමිණ තිබෙනවා.