මරණ දඬුවම නියමව සිටින හිටපු අගමැති ෂෙයික් හසීනා පිටුවහල් කරන ලෙස බංග්ලාදේශය යළිත් ඉන්දියාවෙන් ඉල්ලා තිබෙනවා.
ඉකුත් වසරේ බංග්ලාදේශ රජයට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී මාරාන්තික මර්දනයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇයට පසුගියදා මරණ දඬුවම නියම කෙරුණා.
බංග්ලාදේශ අන්තර්කාලීන පරිපාලනයේ විදේශ කටයුතු අමාත්‍ය ටූහිඩ් හොසේන් ඊයේ පැවසුවේ, පලාගිය හිටපු නායකයා තම රටට යළි භාරදෙන ලෙස ඉන්දියාවෙන් ලිඛිතව ඉල්ලා ඇති බවයි.
අධිකරණ තීන්දුවෙන් පසුව, හිටපු නායිකාවට නැවත පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ද්විපාර්ශ්වික පිටුවහල් කිරීමේ ගිවිසුම යටතේ ඉන්දියාවට “අනිවාර්ය වගකීමක්” පවතින බව බංග්ලාදේශ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය ඊට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ, ෂෙයික් හසීනා තීන්දුව ගැන “දැනුවත්” බවයි.
එහෙත්, ඇය පිටුවහල් කිරීමේ අපේක්ෂාවන් පිළිබඳව ඉන්දියාව මෙතෙක් අදහස් දක්වා නැහැ.
බංග්ලාදේශ මාධ්‍ය කියා සිටියේ මේ දක්වා ඇය නැවත භාරදෙන ලෙස අවම වශයෙන් පිටුවහල් කිරීමේ ඉල්ලීම් තුනකට වැඩි සංඛ්‍යාවක් එරට රජය විසින් ඉන්දියාවට ඉදිරිපත් කර ඇති බවයි.
