අන්තර් ජාතික මිශ්ර සටන්කලා තරගාවලියේ පදක්කම් හිමිකරගත් ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් අද අලුයම දිවයිනට පැමිණියා.
තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේ පතායා නගරයේදි.
දින 4 ක් පුරා පැවති තරගාවලියට රටවල් 6 කින් ක්රීඩක ක්රීඩිකාවන් 80 දෙනෙකු පමණ එක්ව සිටියා.
ශ්රී ලංකාවෙන් ක්රීඩකයින් හතරදෙනෙකු සහ ක්රීඩිකාවන් 11 දෙනෙකු ඊට සහභාගි වුණා.
ඔවුන් රන් පදක්කම් 11 ක් සහ රිදී පදක්කම් 4 ක් හිමිකරගත් අතර සමස්ත තරගාවලියේ අනුශූරතාව දිනාගත්තා.
ජයග්රාහී ක්රීඩක ක්රීඩිකාවන් පිළිගැනීමට ශ්රී ලංකා සටන් කලා සංගමයේ සභාපති ඇතුලු පිරිසක් එක්ව සිටියා.
