
ඉන්දියාවේ පැවති ප්‍රවීණයන්ගේ ආසියාතික මලල ක්‍රීඩා උළෙලේ කිලෝමීටර් පහ ඇවිදීම තරඟයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරනු ලබන කාන්තා පොලිස් කොස්තාපල් නිරෝෂාණි කුමාරි මහත්මිය තුන්වන ස්ථානය හිමිකරගෙන එහි ලෝකඩ පදක්කම පසුගිය 07 දින හිමිකරගෙන තිබෙ.
මෙම තරගය සදහා ලොව රටවල් 16 ක ක්‍රීඩිකාවෝ තරග වැදී තිබිණි ,ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල් වරිය වන නිරෝෂනි කුමාරි ක්‍රීඩිකාව සපත්තු දෙක නොමැතිව මේස් දෙක පමණක් භාවිතා කොට තරග කිරීම විශේෂත්වයකි.
2023 වර්ෂයේද මෙම තරගාවලිය පිලිපීනයේ පැවති අවස්ථාවේ ඇය රන් පදක්කම දිනා ශ්‍රී ලංකා නාමය පොලිස් දෙපාර්තුමේන්තුවේ නාමය ඉහලට ඔසවා තැබූ ක්‍රීඩිකාවක් විය.

දඹුල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරනු ලබන කාන්තා පොලිස් කොස්තාපල් නිරෝෂනි කුමාරි මහත්මිය .එම ජයග්ග්‍රහණය වෙනුවෙන් ඇය හට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතා ප්‍රමුක දඹුල්ල පොලිස් ස්ථානයේ ඇයගේ සහෝදර නිලධාරීන් උපහාර උත්සවයක් 11 දින සංවිධානය කොට තිබිණි .
මෙම තරගය සදහා ඇය පුද්ගලික ධනය වියදම් කරමින් පුද්ගලික නිවාඩු ලබාගෙන රාජකාරියට කිසිදු බාධාවක් නොවන ආකාරයට ඉන්දියාවට ගොස් තරග කල බව සිය අත්දැකීම් පිළිබධව විස්තර කලාය
මෙම ජයග්‍රහණය රටට සේවා ස්ථානයට ලබා දෙමින් ඇය (10) ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.
