සමන් ඒකනායක අද අධිකරණය හමුවට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියම බව වාර්තා වනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමෙන් අනතුරුව, ඒකනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බවයි, වාර්තා වන්නේ.