ජුලි මස 20 වන දින සිට සයිප්‍රස් රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට තානාපති සේවය ලබා ගැනීමට හැකි වන පරිදි එරට තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා තීරණය කර ඇත.
තානාපති කාර්යාලය විවෘත කිරීමට අදාළව සයිප්‍රස් රජයේ ද අනුමැතිය හිමි වී ඇති අතර අලුතින් විවෘත වන මෙම තානාපති කාර්යලයේ කටයුතු ඇරඹීමට අමාත්‍යංශයෙන් පත්කළ දූත මණ්ඩලය ජුලි මස 15 වන දින එරට බලා පිටව යාමට නියමිතය.
මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ, නිරන්තරයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලය නැවත වීවෘත කිරීමට තීරණය කළ බවයි.
මෙම කාර්යාලය ආරම්භ කිරීමෙන් පසු එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සේවය කරන අතර නව රැකියා අවස්ථා සහ වෙළඳ ආයෝජන වැඩි කරගැනීමටත් කටයුතු කළ හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සයිප්‍රස්හි ශ්‍රී ලාංකිකයින් 15000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර වසර කිහිපයකට පෙර එහි ක්‍රියාත්මක වූ තානාපති කාර්යාලය වසා දමන ලදි.
ඒ හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන් තානාපති සේවය ලබා ගැනීම සඳහා තුර්කියේ අන්කාරා තානාපති කාර්යාලයට යොමු වීමට සිදු වී ඇත.
සයිප්‍රස්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් සලකා මෙම දූත මණ්ඩල සේවය ඇරඹීමට අමාත්‍ය විජිත හේරත්ගේ මැදහත් වීම මත නව රජයට හැකි විය.
සයිප්‍රස් තානාපති කාර්යාලයට අමතරව මේ වසරේ ජනවාරි මාස නවසීලන්තයේ ද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් විවෘත කරනු ලැබීය.
