අත්තනගල්ල, කරස්නාගොඩ ප්‍රදේශයේ චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ සුබසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් ලබාදුන් රුපියල් කෝටි 12කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නියෝගය සදහා 05 වනදා කැඳවන ලෙස කොළඹ කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ නියෝගය පෙබරවාරි මස 05 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා නියෝග කළා.
චීන සමාගමකින් විසින් අත්තනගල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් මුදල් වෙන් කර තිබෙන බව නඩුවේ සඳහන් වෙනවා.
එසේ වෙන් කරන ලද රුපියල් දොළොස් කෝටී අනූ එක්දාස් පන්සීයක මුදලක් අවසන් වූවන්ගේ සුබසාධන කටයුතුවලට නොයොදා 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්ති යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් විත්තිකාර සරණ ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.